රට තුළ ජාතික හා ආගමික සංහිදියාව ඇති කිරීමට සියලුම ආගම් නියෝජනය වන ආකාරයට කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව සියලුම ආගම් නියෝජනය කරමින් 25 දෙනෙකුගෙන් යුත් සර්ව ආගමික මණ්ඩලයක් පත්කිරීමට නියමිතය.
පසුගියදා පැවැති සර්ව පාක්ෂික දේශපාලන සමුළුවේදී ඉදිරිපත් වූ අදහස් පිළිබඳව ආගමික නායකයන් දැනුවත් කිරීම සඳහා ඊයේ (29දා) සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.