ජාතීන් හා ආගම් අතර භේද ඇතිකිරීමේ ක්‍රියාවන්හි නියුතු ඕනෑම පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් තරාතිරම නොබලා අත්අංඩගුවට ගෙන තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව තම පොලිස් බලප්‍රදේශය තුළ මෙවැනි අනර්ථකාරී සිදුවීමක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතු බවද පොලිස් මූලස්ථානය පවසයි.
මේ අනුව සමාජ ජාලා වෙබ් අඩවි තුළ අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතීන් අතර, විරසකය ඇතිකිරීමට හා ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සිදුකරන ඇතැම් පුද්ගලයන් මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර, එවැනි පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.