ආගම් අතර ගැටලු ඇති කිරීම් පිළිබඳ සිදුවීම් ගැන ලැබුණු පැමිණිලි 21ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර සිටියේය.
මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.