ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ මහජන සේවා හෙට (26දා)දිනයේ ක්රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ දැනට පිහිටා ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලය හා මහනුවර, මාතර, වවුනියාව යන ප්රාදේශීය කාර්යාල තුළ මෙලෙස සේවා ක්රියාත්මක නොවනු ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව එළඹෙන 29 වැනිදා සිට බත්තරමුල්ල 'සුහුරුපාය' නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇතැයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.