පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නොයෙල් මුදලිගේ හෙවත් කුමාර ගුණරත්නම් මහතාගෙන් ප්‍රශ්න කිරීම පිණිස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු කැඳවීමට පියවර ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා 'අද' ට පැවසුවේ පෙරේදා (26දා) දිනයේ ප්‍රශ්න කිරීමක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කුමාර් ගුණරත්නම් මහතාට දැනුම් දුන් බවය. නමුත් අද (27දා) දිනයේද ඔහු ප්‍රශ්න කිරීම් සඳහා සහභාගී නොවූ බව හෙතෙම පැවසීය.
ජනාධිපතිවරණ සමයේදී විදේශයක සිට පැමිණි කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය හමු පැවැත්වීම පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඔහු එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.