නිදහස් අධ්‍යාපනය යටතේ තමන් අදහන ආගමේ නමින් හෝ භාෂාවේ නමින් පාසල් නම් කිරීම සුදුසු නොවන බවද ජාතික පාසල් සහ ජාතික පාසල් නොවන පාසල් ලෙස ආදී වර්ග කිරීම ද නුසුදුසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එමෙන්ම නව රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පාසලේ නාමය කුමක් වුවද සියලුම පාසල්වල ඉගෙන ගන්නා දරුවන් වෙත සමානව සැලකීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සියවස් සැමරුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසුවේය.
මැති ඇමතිවරු රැසක් මේ සඳහා එක් වූහ.