ආගම කියන්නේ උප්පත්තියෙන් එන එකක් නෙවෙයි
රට තුළ කිසිදු ආගම්වාදී හෝ ජාතිවාදී කෝලාහල තත්ත්වයක් ඇතිවී නොමැති බවත්, ඉතා සුළු පිරිසක් ජාතිවාදය ඇතිකිරීමට උත්සාහ ගන්නා බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ අතර, ජාතිවාදය ඇතිකිරීමට උත්සාහ දැරූ සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන් සම්බන්ධයෙන්ම නීතිය එකලෙස ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සේනාරත්න මහතා මෙසේද පැවසීය.
"ආගම කියන්නේ උප්පත්තියෙන් එන එකක් නෙවෙයි. අපේ තමයි මේ උප්පැන්න සහතිකයේ ඒක තියෙන්නේ. දියුණු ලෝකයේ රටවල එහෙම දෙයක් නැහැ. තමන් පිළිගන්න දර්ශනය තමයි ආගම වෙන්නේ.
රට තුළ කිසිම ආගම්වාදී හෝ ජාතිවාදී කෝලාහල තත්ත්වයක් ඇතිවෙලා නැහැ. ඉතාම සුළු පිරිසක් මේක කරන්නේ. කිසිම සිංහල බෞද්ධයෙක්, කතෝලිකයෙක් හෝ මුස්ලිම් හින්දු කිසිවෙක් අන්තවාදයට කැමති නැහැ.
අන්තවාදයට දේශපාලඥයෝ පෙට්‍රල් දානවා, ඔවුන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන්. මුළු ජාතික ප්‍රශ්නයම ඇතිකරලා තිබෙන්නේ දේශපාලඥයෝ. ඇතැම් මාධ්‍යවේදීන් ඒකට උල්පන්දම් දෙනවා" යැයි කීවේය.
අද (21දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

