මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් හෙට (05දා) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය අද ( 04දා) නියෝග කළාය. ඒ ඔවුන්ව අත්අඩංගුවට ගත් රහස් පොලීසිය පසුව ඊයේ රාත්රියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.