'අැලෝසියස් හා මහේන්ද්‍රන් සාක්කි නොදීම විහිළුවක් වේවි'
“අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහෙන්ද්‍රන් යන මහත්වරුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි නොදීම මහා විහිළුවක් වේවී. අර්ජුන් ඇලෝසියස් සාක්කි දෙන අයුරු රටම බලා ඉන්නවා” යැයි බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (11දා) කොමිසම හමුවේ කියා සිටියේය.
වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එසේ කියා සිටියේ, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්කි ලබා දීමට අකමැත්ත පළ කරන හෙයින් ඔහුගෙන් සාක්කි නොගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු දෙමිනි.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට මෙම කොමාසම හමුවේ සාක්කි දීමෙන් වැළකී සිටීමට මුක්තියක් ඇතැයිද තම සේවාදායකයාගෙන් ඩිජිටල් උපකරණ ලබා ගැනීම නීතීයට පටහැනි යැයිද කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා තම සේවාදායකයාගේ කැමැත්තක් නොමැතිව ඔහුගේ සාක්කි කැඳවීමද නීතීයට පටහැනි යැයි පැවැසීය.
ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අර්ජුන් ඇලෝසියස් කියන්නේ තවත් එක් සාක්කිකරුවෙක් පමණක් බවද අර්ජුන් ඇලෝසියස් මෙම කොමිසමට කැඳවන්නේ ඔහු පිළිබඳව ප්‍රශ්න කිරීමට පමණක් නොව මෙම සිද්ධියට සම්බන්ධිත වැදගත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ලබා ගැනීමට යැයිද කීය'
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

