වර්ජනයේ නිරතව සිටින ඛනිජ තෙල් සංස්ථා සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24දා) සවස පැවැත්වීමට සැලසුම් කර තිබේ.
වර්ජනය සම්බන්ධයෙන් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අද උදෑසන වෘත්තීය සමිති කැඳවා තිබුණත් එයට සහභාගී වූයේ ජාතික සේවක සංගමය පමණි.
මිල පිළිබඳව 'අද' වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලින් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, අද සවස අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.
එහෙත් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද එම පිරිස් පෙන්වා දෙති.