අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 16 දෙනා විපක්ෂයට එක්වූ පසුව කටයුතු කරන ආකාරය සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂයට එක්වන්නේද, එසෙත් නැතහොත් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන්නේද යන්න සම්බන්ධව මේ දක්වා එම ඇමතිවරුන්ගෙන් ස්ථිර පිළිතුරක් ලැබී නැතැයි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.
කෙසේ වෙතත් ලබන 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනා දන්වා තිබෙන බවද එම මන්ත්‍රීවරයා පවසා සිටියේය.
එසේ වුවහොත් ඒකාබද්ධ විපක්ෂය සමග නිසැකවශයෙන් මන්ත්‍රීවරුන් 75 දෙනෙකු කටයුතු කරනු ඇති බවත්,ඉන්පසුව ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමිවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.