ආණ්ඩුවට ජනතාව ලබා දී තිබෙන ජනවරම නොතකා සිටීමට විවිධ පුද්ගලයන් ක්රියාමාර්ග ගනිමින් සිටියද එම ජනවරම නොසලකා සිටීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත්, ජනවරම පිළිබඳව සැකයක් තිබෙනවා නම් ඒ පිළිබඳව තීරණය කිරීමට ජනතාවට අවස්ථාව ලබාදිය හැකි බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
ඒකාධිපති දූෂිත පාලනය නැති කර මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සහ තමා අගමැති ලෙස පත් කර නව කැබනට් මණ්ඩලයක් ඇති කරගැනීම සඳහා ඡන්ද දායකයන් ලක්ෂ හැට හතරක සහයෝගය හිමි වූ බවද වික්රමසිංහ මහතා පවසා සිටියේය. මේ නිසා ජනවරම නොසලකා සිටීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත්, එම ජනවරම නොතකා විවිධ පුද්ගලයන් ක්රියාමාර්ග ගත්තද ජනවරම අහෝසි නොවන බවත් අග්රාමත්යවරයා සඳහන් කළේය.
කෙටිකාලීන දේශපාලන වාසි වෙනුවෙන් ජාතිවාදය අවුස්සා ජනවාර්ගික ප්රශ්න හා ජාතිවාදී කෝලාහල ඇතිකර යළි බලයට පැමිණීමට යම් යම් පුද්ගලයන් උත්සාහ ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය. මේ නිසා එයට විරුද්ධව කටයුතු කරමින් ජාතික සමගිය යළි ඇති කරගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.