ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන හෆීස් සයීඩ් ඛාන් පසුගිය මාසයේදී ඇමෙරිකාව විසින් සිදුකරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකාව විශ්වාස කරයි.
පසුගිය වසරේදීද ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ කියා සිටියේ නන්ගර්හාර් ප්‍රදේශයේ සිදුකරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සහීඩ් ඛාන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, තම නායකයා එම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් බව ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය පසුව නිවේදනය කළේය.
කෙසේ වෙතත්, ඇමෙරිකාව පවසන්නේ පසුගිය ජූලි 26 වැනිදා එම ප්‍රදේශය වෙතම තමන් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සයීඩ් ඛාන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කරන බවයි.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ඉලක්ක කරමින්, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් එල්ල කරන ලද වඩාත් දරුණුතම ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව ඇමෙරිකාව මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණි.