පසුගිය දිනක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් පිළිබඳ සිදුකළ ප්‍රකාශය ආදරේ කරපු පුද්ගලයන් අමනාප වීමේදී සිදුවූවක් බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මාධ්‍යවේදීන් වශයෙන් ඔබතුමාලට අසීමිත නිදහසක් ලැබුණා. ඒගැන මාධ්‍යවේදීන් වගේම මාධ්‍ය ආයතන හිමිකරුවොත් සතුටෙන් ඉන්නේ. ඒවගේම අගමැතිතුමාත් තමන්ගේ නිදහස අසීමිතව පාවිච්චි කරනවා . ඒක එතුමට තියෙන අයිතියක්. නමුත් මම දන්නවා, දේශපාලඥයෙකු වශයෙන් මගේ මතය නම් මාධ්‍යවේදීන්ට තියෙන ඒ අයිතිය දේශපාලඥයන්ට නැහැ.
එතුමා මාධ්‍ය පවුලකින් එන කෙනෙක්. අගමැතිතුමා මාධ්‍යයට හරි ආදරෙයි. මාධ්‍ය වෙනුවෙන් බොහොම කැපකිරීම් කළ අගමැතිතුමා ඒ ඉල්ලපු ඔක්කොම දුන්නනෙ. එහෙම තියද්දි ආදරේ කරපු අය තරහ වුණාම බොහොම කටුකයි. ඒක තමයි මේ වෙලාතියෙන්නේ” යනුවෙනි.