පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිවයිනේ විවිධ පළාත්වල තම පාක්ෂිකයන් තාඩන පීඩනවලට ලක්වී ඇති බවත් පක්ෂ ක්‍රියාකාරී දේශපාලන නායකයින් බන්ධනාගාර ගතකර ඇති බවත්, ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිබඳවම පෙනී සිටින බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේය.
විපක්ෂ නායකවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගිය 24 වැනිදා කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතවී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දයා කාන්ත පෙරේරා සහ වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුමේධා ජයවික්‍රම යන මහත්ම මහත්මීන්ගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදීය.