සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය ගලගම අත්ථදස්සි මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව ඇමෙරිකාව ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකා ජනතාවට සිය ශෝකය පළ කර සිටියි.
ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, පෙර අවස්ථාවකදී උන්වහන්සේ මුණ ගැසී කතාබහ කිරීමේ භාග්‍ය පවා තමන් වෙත උදාවූ බවයි.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් සහ සාමය හා සංහිඳියාව සඳහා පෙනී සිටිමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගා සිටුවීමට උන්වහන්සේ දරනලද නොපසුබට උත්සාහය නිසා, මහා නාහිමියන් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් මෙන්ම උන්වහන්සේ පිළිබඳව දත් ඇමෙරිකානුවන්ගේද ඉමහත් ගෞරවාදරයට පත්වූ බවද තනාපතිවරයා වැඩිදුරටත් පවසයි.