සියම් මහා නිකායේ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව ඇමෙරිකාවේ හෘදයාංගම සංවේගය, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පළ කර සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
සියලු ශ්‍රී ලාංකිකයන් සහ උන්වහන්සේ දැන සිටි ඇමෙරිකානු ජාතිකයන්ගේ ගෞරවයට මහනාහිමියන් පාත්‍ර වූයේ උන්වහන්සේගේ ආදර්ශමත් දිවි පෙවෙත සහ බුදු දහම ඇසුරෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගා සිටුවීමට දරන ලද නොපසුබස්නා උත්සාහය නිසා බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.