ප්රමිතියෙන් තොර අසමෝදගම් ස්ප්රීතුවෙළෙඳපොලට බෙදාහැරි පුද්ගලයකු ඊයේ (12දා) අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මෙම මස 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරු ශ්රී බෝධි මාවත මැදවච්චිය ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. මෙහිදී පොලීසිය අධිකරණයට කරුණුු දක්වමින් කියා සිටියේ තෙල් වර්ග, කුළුබඩු, හඳුන්කූරු අලෙවි කිරීමට මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගෙන ඇති ලියාපදිංචි අංකය සූක්ෂම ලෙස වෙනස් කර එය මෙම අසමෝදගම් ස්ප්රීතු ලේබලයට යොදා බෙදාහැර තිබෙන බවය.