වත්මන් ළමා සහ යොවුන් පරපුර දැඩි අවේගශීලී ලෙස කටයුතු කිරීම පිළිබද විවිධ මත පළ වුවත් එය ළමා පරපුරේ වරදක්ම පමණක් නොවන බවත් තම හැගීම් සහ තමන් ලබන අත්දැකීම් අන් අය සමග පැවසීමට සහ ලිවීමට උත්සාහ දරන්නේ නම් ළමයාට පැමිණෙන නොහික්මුනු ආවේග වලින් සියයට 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් ඉවත් කළ හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජේ.එම්. නිලාම් මහතා පැවසීය.
විශේෂයෙන් දරුවන්ට සමාජයේ විවිධ මාර්ග ඔස්සේ ලැබෙන පණිවිඩ නිසා ඔවුන්ගෙන් වැඩි පිරිසක් නොහික්මුණු ආවේග ඇති පිරිසක් බවට පත්විය හැකි බව පැවසූ නිලාම් මහතා එහිදී මාධ්‍ය ඉතා ප්‍රබල බවද පෙන්වා දෙන ලදී
සාර්ථක ජීවිතයක් සහ තැලසීමියාවෙන් තොර ලංකාවක් යන වැඩසටහනේ විශේෂ දේශනය සිදු කරමින් විශේෂඥ වෛද්‍ය නිලාම් මහතා මෙම අදහස් පළ කළේය.