ආහාර පනත උල්ලංඝනය කරමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් 3412 කට එරෙහිව නඩු පැවරූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
උත්සව සමය නිමිතිකරගෙන රට පුරා සිදුකළ මෙහෙයුම්වලදී මෙම පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීමට හැකිවූ බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 යොදාගෙන සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද සභාපතිවරයා පවසා සිටියේය.