අවුරුදු වෙනුවෙන් විශේෂ දුම්රිය තවදුරටත්
සිංහල හිංදු අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් අද (19) හෙට (20) අනිද්දා (21) තෙදින ද ක්රියාත්මක කෙරෙන බව ශ්රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
ඒ අනුව අද පස්වරු 7.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පසුදින අලුයම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.
එසේම හෙට (20) බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන පෙරවරු 08.30 දුම්රිය එදින පසුවරු 04.57ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වේ. තව ද හෙට දින ම විශේෂ දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.30ට පිටත්වීමට නියමිත අතර එය පස්වරු 08.08 වන විට මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.
අනිද්දා දින ද මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.50 පිටත් වන දුම්රිය පෙරවරු 8.36 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
