විධිමත් හා ක්‍රමවත් ලෙස බස් රථ යෙදවීම නිසා ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව ගම්වලට යාමට අවස්ථාව හිමිවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ගම්බිම් බලා ගිය ජනතාව නැවත නගරවලට ඒම සඳහාත් විශේෂ බස් සේවා පවත්වා ගෙන යන බවත්,මගී ජනතාව එකවර බස් නැවතුම්පළවල්වලට නොපැමිණීම නිසා මෙවර බස්රථ තුළ විශාල තදබදයක් ඇති නොවූ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
අද (13දා) දිනය තුළත් බස් රථ ධාවනය වීම සිදුවන නිසා මගී ජනතාවට අද දිනය තුළත් අවහිරතාවකින් තොරව මගී අවශ්‍යතා සපුරාගත හැකි බවද පවසා සිටියේය.