අවුරුදු පහකින් රට දියුණු කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
හෙතෙම මේ බව පැවසුවේ අහුන්ගල්ලේ පැවැති රැලියකදීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න ඕන නෑ. සමහර අවස්ථාවල අපිට බලය ලැබෙයි. සමහර අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙයි. සමහර අවස්ථාවල ජර්මනිය වගේ අපි දෙන්නම එකතු වී වැඩ කරන්න වෙයි. ජනතාවට සෙතක් වෙනවනම් ඇයි විරුද්ධ වෙන්නෙ. ඒකට විරුද්ධ අය ඉන්නවා. ලොකුම ප්රශ්නය තියෙන්නෙ මාධ්‍ය. මාධ්‍යත් දැන් හැදෙන්න ඕන. මාධ්‍යයත් දැනගන්න ඕන ඒ අයට මොකක්ද වෙන්නෙ කියලා. මේකෙ ප්‍රතිඵලය එනකොට එන අවුරුද්දෙ ඉඳන් ඔය පදය වෙනස් කරන්න වෙයි.
අපි අවුරුදු පහකින් රට දියුණු කරලා ජනතාවට බාරදෙනවා. මොකක්ද කරන්නෙ කියලා ජනතාවට තීරණය කරන්න පුළුවන්. මාධ්‍ය කෑගහුවා කියලා වෙනස් වෙන්නෙ නෑ. මාධ්‍යත් මේ පැත්තට ගේනවා. කෑගහන එකෙත් සීමාවක් තියෙනවා. මම ඒ අයව ජනවාරි මාසයේදී කැඳවනවා.” යනුවෙන් පැවසීය.