අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14වන අඟහරුවාදා අපරභාග 01.47ට අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
.අප්‍රේල් මස 14වන අඟහරුවාදා පූර්ව භාග 07.23සිට අපර භාග 08.11දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 අඟහරුවාදා පූර්ව භාග 07.23ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14වන අඟහරුවාදා පෙර අභාග 01.47සිට අපරභාග 8.01දක්වා පහත දැක්වෙන වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14වන අඟහරුවාදා අපර භාග 02.05ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොලවා දී කිරි සහ උක් හකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක් ද විළඳ මිශ්‍ර කැවිලිි වර්ගයක්ද පිළියෙළ කරගැනීම මැනවිග
වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14අඟහරුවාදා අපර භාග 02.42ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15වන බදාදා ළාකොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 09.06ට දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් පයට කොළොන් පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 22බදාදා ළාකොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්ව භාග 06. 42ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.
සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17වන සිකුරාදා සුදු නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් අනුභව කර පූර්ව භාග 06.03ට උතුරු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.