ඉදිරි දින කිහිපය පුරා අකුණු සහිත වැසි ඇතිවිය හැකි බැවින් අවුරුදු උත්සව වලට හා ක්‍රීඩා තරගවලට සහභාගී වීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අකුණු ඇතිවන අවස්ථාවලදී තැනිතලා භූමිවල ගැවසීමෙන් හා ලෝහමය ද්‍රව්‍ය අඩංගු ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අතුල කරුණානායක මහතා සඳහන් කළේය.