අක්මීමණ මාදොළ කටුපොල් වත්තක දී අද (17දා) අවුරුදු අටක් වයසැති දැරියක මරා දමා ඇතැයි පොලීසිය කියයි.
කුරුඳුවත්ත සුමංගල ආදර්ශ විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අක්මීමන ජනබල ගම්මානයේ පදිංචිව සිටි වේලමුණි සුජානි හසන්ති තිලක්ෂි ද සොයිසා දැරිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත .
දියණිය පාසල් අවසන්වී නිවසට නොපැමිණි බව දැරියගේ දෙමාපියන් විසින් ඊයේ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා එක්ව ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී දැරියගේ සිරුර තේ වත්තක තිබී සොයාගනු ලැබීය.
වැඩිදුර වාර්තා ජිනේෂ් නානායක්කාර