හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතුව පවුලේ උදවිය බවත්, ඔහුට වසර දෙකක් බලය තිබෙද්දී මැතිවරණය පවත්වා පරාජය වූ බවත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවැසීය.
පෙරේදා (18දා) සෙවණගලදී පැවැති ජන හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“මහින්ද මහත්තයා පැරැද්දුවේ වෙන කවුරුවත් නෙමෙයි පවුලේ අයයි, අර සුමනදාස කියන කෙනයි.අවුරුදු දෙකක් තව තියෙද්දිනේ මේ ඉල්ලගෙන කෑවේ.අපේ ලොක්ක මොකද කළේ?තව අවුරුදු දෙකක්ම බලේ තියෙද්දි, කරන්න වැඩ ගොඩක් තියෙද්දිත් ඒ ඔක්කොම පැත්තකට දමලා ජන්දෙකට ගියා.මොකද උනේ.දන්නේම නැතිව වැඩේ ගැස්සිලා ගියානේ.
අපේ තිබුණ ටිකිරි මොළේ නිසා කොහොමහරි පවතින ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ අයට සේවයක් කරන්න පුළුවන්කම තිබුණා.සිරිපාදේ වඳින්න ගියාම හැරමිටිපානෙන් හැරිලා ආයේ එන්න බෑ.මළුව වඳින්නම ඕනේ.දේශපාලනෙත් එහෙම තමා.මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණා එදා පක්ෂය මෛත්‍රී මහත්තයට දීලා බලය රනිල් මහත්තයට දුන්න වෙලාවේ පුතත් ඒ අයට බාරදීලා මෙන්න කට්ටියත් එක්ක මේක සමගියෙන් කරගෙන යන්න කියලා ගෞරවනීය විදියට ඉන්න”
සූරියවැව - නුවන් ජයසේකර