ලාංකිකයෙකු වන 26 හැවිරිදි සිය සැමියා ඝාතනය වීමෙන් අනතුරුව තමන් ශ්‍රී ලංකාවේ සිරගත වී යැයි හැඟෙන බව 60 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් වන ඩියෑන් ඩි සොයිසා සඳහන් කරයි.
ඩියෑන් ලාංකික තරුණයෙක් වූ ප්රියංජනද සොයිසා සමග විවාහ වී ඇති අතර, පසුගිය වසරේදී ඔහු වෙඩි තබා ඝාතනය කර තිබේ.
තමන් මේ වන ණයකාරියක බවට පත්ව ඇති බවත්, තමන් ප්‍රියංජනට පවුම් ලක්ෂයක පමණ මුදලක් ලබාදුන් බවත් ඇය එංගන්ත මාධ්‍ය වෙත පවසා තිබේ.
එඩින්බරෝහි ජීවත්ව සිටි ඇය පවසන්නේ තමන් මේ විට ශ්‍රී ලංකාවේ සිරකාරියක් බවට පත්ව ඇති බවත් නැවතත් කිසිම දිනයකදී බ්‍රිතාන්‍යට පැමිණීමට නොහැකිවනු ඇති බවත්ය.
ස්කොට්ලන්තයේ පැවැති සිය නිවස අලෙවි කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි ඩියෑන් ප්රියංජන් හා විවාහ වී තිබේ. ඔවුන් දෙදෙනාගේ හමුව 2011 වසරේදී සිදුව ඇත්තේ ඩියෑන් නිවාඩුවක් ගතකිරීමට පැමිණි අවස්ථාවකදීය. ඔවුන් දෙදෙනා 2012 වසරේදී විවාහ වී තිබේ. ඩියෑන් 2015 වසරේදී සිය ස්කොට්ලන්තයේ පැවැති නිවස අලෙවි කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ වන විට ප්රියංජන් හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කර තිබේ.
තමන්ට ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නම් මුදල් අවශ්‍ය බවත්, එවැනි මුදලක් තමන්ට නොමැති බවත් ඩියෑන් පවසන්නීය.
“පසුගිය වසරේ සිට කිසිම දෙයක් වුණේ නෑ මම ණයවීම හැර” යනුවෙන් ඇය මෙහිදී පවසා තිබේ.
තම සැමියා ටැක්සි රථ රියදුරෙක් බවට පත්කිරීමට පවුම් 31000ක් වැයකර හයුන්ඩායි මිනිබස් රථයක්ද මිලදී ගත් බව ඇය මෙහිදී සඳහන් කර ඇත.
තම සැමියා ඝාතනය කළේ මුදල් ලබාගැනීමේ අරමුණින් බවද ඇය පවසයි.
“ ඔහුගේ මිතුරෙක් මට කිව්වා ඔහු (තම සැමියා) පෝසත් නිසා ඔවුන් ඊර්ෂ්‍යා කරනවා කියලා. ඔහුට ලස්සන ගෙයක්, මිනි බස් රථයක් හා ත්‍රිරෝද රථයක් තිබුණ නිසා ඔවුන් ඊර්ෂ්‍යා කළා. මගේ සැමියා ඔවුන්ට මුදල් දුන්නා. නමුත් ඔවුන්ට තවත් ඕන වුණා. නමුත් ඔහු මුදල් දුන් නැති නිසා ඔහුව ඝාතනය කළා. ” යනුවෙන් ඇය පවසන්නීය.
ඩේලි මේල් ඇසුරෙනි