වසර 15 කට පමණ පසුව අම්බලන්තොට නගරය ආසන්නයට අද (26දා) පෙරවරුවේ වන අලින් දෙදෙනෙකු පැමිණ තිබේ. අම්බලන්තොට නගරයේ සිට මීටර් 150 ක් පමණ දුරින් රිදියගම මාර්ගය ආසන්නයේ කෙසෙල් කොරටුවක් තුළ වන අලි දෙදෙනා රිදිසිටින බව වනජීවී නිලධාරීහු පවසති .
අද (26දා) අලුයම 04 ට පමණ අම්බලන්තොට පුහුලක්යාය ප්රදේශයේ රිදී සිටි ඇති මෙම වන අලින් දෙදෙනා පසුව අම්බලන්තොට වලවේ ගඟ තරණය කොට ප්රදේශයට පැමණි බව ප්රදෙශවාසින් පෙන්වා දෙයි .
වන අලින් දැකගැනීමට ප්රදේශයේ ජනතාව විශාල වශයෙන් පැමිණෙන නිසා වන අලින් කලබල වී ඇති බවත් ප්රදේශවාසින්ගේ සහයෝගය ලබා දී එම ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු නොකොළහොත් වන අලින්ගෙන් කරදරයක් විය හැකි බවද වනජීවී නිලධාරින් පවසා සිටි.්