අවුරුදු 10කට පසුව ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් තංගල්ලේදී පැවැත්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඊයේ (07දා) තංගල්ල නගරයේ පැවැති ජනරැළියක් අමතමින් මේ අදහස් පළකළ අනුර කුමාර මහතා තවදුරටත් සඳහන් කළේ,
ජනවාරි 08 දා මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල දායකත්වයක් ලබා දුන් බවත් ඉදරි කාලය තුළ රටේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් රට පුරා නගරයෙන් නගරයට යන බවයි.
“හම්බන්තොට තිබුණු තත්ත්වය මොකක්ද, දේශපාලනය කරන්න ඉඩක් තිබුණේ නැහැ. මේ තංගල්ල නගරේ වෙන කාටවත් රැස්වීමක් තියන්න ඉඩ දීල තිබුණේ නැහැ, දුරකතනයකින් දුරකතනයකට කතා කරන්න මිනිස්සු බයවෙලා තිබුණා, ඒවා ටැප් කරලා ඇති කියලා. මාධ්‍යවේදීන්ට ලියන්න බයක් තිබුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන වාහන ප්‍රමාණය පිළිබදව තාම කියන්න දන්නේ නැහැ. ඒවා පාවිච්චි කළේ කවුද, තියෙන්නේ කොහේද, ලිපි ගොනු කොහේද කවුරුවත් තාම හරියට කියන්න දන්නේ නැහැ, සමහරු කියනවා මේ වංචාකාරයෝ තාමත් අල්ලන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. මේකට ඉක්මන් විසදඳුමක් අවශ්‍යයි. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට, වංචා දුෂණ විමර්ශන කොමිසන් සභාවට මේ ඔක්කොම ගොල්ලන්ගේ පැටිකිරිය ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඒත් තව ගොඩක් තියෙනවා. මේවට ඉක්මන් විසඳුමක් ගත්තේ නැති වුණොත් ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කරවා.” යැයි පැවැසීය.
රෝහණ ආරියරත්න