ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයේදී වයස අවුරුදු සියය ඉක්මවූ වැඩිහිටියන්ට සහ දරුවන් 10 කට වඩා බිහිකළ අම්මාවරුන්ට උපහාර දක්වා මුදල් පරිත්යාගයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
‘හැකියාවන්, දායකත්වය, සහභාගීත්වය තුළින් අනාගතයකට පිය නගමු‘ මැයෙන් මෙවර වැඩිහිටි දිනයේ තේමාව නම් කර ඇති බවත්, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් එම උත්සවය සංවිධානය කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
වැඩිහිටියන්ගෙන් සියයට දශම තුනක් පමණක් වැඩිහිටි නිවාසවල සිටින බවත්, වැඩිහිටි නිවාසවලින් සියයට 90ක පිරිසිදු භාවය හා සේවකයන්ගේ සේවාව සැපයීම සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
අමාත්යවරයා මේ බව පැවසුවේ, අද (28දා) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්යාංශයේ පැවැති මාධ්ය හමුවකදීය.