අවුරුද්දෙන් පසසේ සියලු පක්ෂ එකතු වූ ගමනක් - මහින්ද අමරවීර
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව රටක් විදියට සිතමින් පක්ෂ දේශපාලනයෙන් තොරව සියලු දෙනා එකතු වී රට ඉදිරියට ගෙන යෑම පිළිබඳව මේ වන විට සියලු පක්ෂ අතර සාකච්ඡාවක් සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අම්බලන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (09දා) පැවති උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ රටේ පසුගිය කාලය තුළ යම් කිසි අස්ථාවරභාවයක් තිබුණා. අපේ මිත්‍ර රට හැටියට ඉන්දියාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වුණා. පසුගිය දවස්වල විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව. අපි එහිදී පක්ෂය වශයෙන් තීරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා දැනුවත් කළා වැඩි දෙනාගේ මතය අනුව කටයුතු කරන්න. ඒ අනුව අපි විසි පස් දෙනෙක් කල්පනා කළා මේකට විරුද්ධව හෝ පක්ෂව ඡන්දය නොදිය යුතුයි කියලා
මොකද මේ විශ්වාසභංගය ඉදිරිපත් වුණේ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොවේ එය රජයටත් විරුද්ධවයි. ඒ නිසා තමයි අපි විසිපස් දෙනෙකු එක මතයක හිටියේ. නමුත් අපි විසිපස්දෙනා ඒ මත සිටියත් විස්වාසභංගය ජයග්‍රහණය කරන්න බෑ.” යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


