2017 වසර සඳහා රජයට ලබාගත හැකි සමස්ත ණය ප්‍රමාණයෙන් 80%ක් පමණ මේ වන විට ලබාගෙන අවසන් බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. වසරේ මුල් මාස 6 තුළ මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීම නිසා වසරේ ඉතිරි මාස හයක රජයේ වයදම් සම්බන්ධව ප්‍රභල ගැටලු උද්ගත විය හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2017 වසර සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ අයවැය ලේඛණය මගින් මේ වසරේ රජයට ලබාගත හැකි දේශීය හා විදේශීය උපරිම ණය සීමාව රුපියල් බිලියන 1579කට සීමා කර තිබේ. එම අගයෙන් මේ මාස 6 කු රුපියල් බිලියන 1250ක ණය ලබාගෙන අවසන්ය.
ඒ අනුව මේ වසරේදී රජයට ණය ලබාගැනීම සඳහා ඉතිරිව ඇති අගය රුපියල් බිලියන 329ක් වන අතර එය ඉතිරි මාස හයක කාලයේ රජයේ වියදම පියවීමට ප්‍රමාණවත් නොවන බවද කියැවේ.
ඉරිදා දේශය පුවත්පත ඇසුරෙනි