අප ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විඳීම, මරණය, උත්ථානය මගින් මුළු මිනිස් සංහතියට ලැබුණ උත්තානයේ ගැලවීමේ සදාතන ජීවිතයේ හිමිකම මගින් අපිදු ක්‍රිස්තුන් වහන්සෙගේ ප්‍රේමයට අවදිවෙමු.
පාස්කුවේ මිහිර විඳගන්නට සැරසෙන මුළු මහත් කතෝලික අපට ඒ මිහිරියාවේ මුසුවිය යුතු අපගේම ජීවිත පැවැත්මෙන් මෙම පාස්කු අභිරහසට පංගුකාර වෙමු.
මෙවන්වූ සමාජයක කිතු සමිඳුන් එදා කල්වාරි යාගයේදී තම ජීවිතය පුද කරමින් කළ උතුම් ප්‍රේමයේ අගය පෙන්වා දෙමින් සත්‍යයේත්, ජීවනයේත් මාර්ගය වූ කිතු සමිඳුන් දෙසට හැරී අප ජීවිත පාපයෙන් එතෙර කරගන්නට වෙර දරමු,
එම උදාර කරතව්‍ය අද සියලුම ආගමික සමාජීය කොටස් වෙතද පැවරී ඇති මහා වගකීමකි. ඔබත් ඒ උදාර කාර්යයට මෙම පාස්කුවේදී උරදෙමු.
මෙවර විශේෂයක් වනුයේ පාස්කු මංගල්‍ය සමයත් සිංහල අවුරුදු සමයත් එකට යෙදීමය. තවද ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන ,සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ නව වසරක් සහ පාස්කු මංගල්‍යයක් වේවායි මාගේ හදපිරි පැතුමයි.