අවිස්සාවේල්ල, උක්වත්ත, අන්විල් වත්තේ නිවසක නතර කර තිබියදී හමර් වර්ගයට අයත් සැකකටයුතු ජීප් රථයක් අවිස්සාවේල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුව ගෙන තිබේ.
ප්රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත අත්අඩංගුවට ගෙන ඇති රථය පොලිස් භාරයේ පවතී.
රථයේ අයිතිය පිළිබඳව සැකයක් මතුව ඇති බවත්, මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා කොළඹ මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට දැනුම්දී ඇති බවත් අවිස්සාවේල්ල පොලීසිය පවසයි.
අවිස්සාවේල්ල සුරංජි සේනානි