නීති විරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් ධීවර කටයුතු මැඩලීම සඳහා වන විශේෂ සමුළුවක් එළඹෙන ජුනි මස පළමුවෙනිදා කොළඹදී පැවැත්වීමට රජය සුදානම්වේ. ලබන 5 වෙනිදා දක්වා සමුළුව පැවැත්වෙයි. නීති විරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් ධීවර කටයුතු මැඩලීම සඳහා වන “වරාය රාජ්ය පියවර“ සම්බන්ධයෙන් 2009 ආහාර සහ කෘෂිකර්ම සංවිධාන ගිවිසුම කි්රයාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡ කරන අතර මේ සඳහා රටවල් 19ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.