හම්බන්තොට ප්‍රදේශයේ කිසියම් අපරාධයකට සැරසුණු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (01දා) හැකිවූ බව හම්බන්තොට පොලීසිය පවසයි.
බිංගිරිය හා සූරියවැව ප්‍රදේශවල පදිංචි 38 හා 40 හැවිරිදි පුද්ගලයෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ඒ සඳහා භාවිත කරනු ලබන උණ්ඩ 15ක් හමුවූ බවත් පොලීසිය සඳහන් කරයි.
මෙයින් එක් සැකකරුවෙකු මීට පෙර සිදුවූ කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (02 දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හම්බන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.