අවිගත් පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව දන්නා සියලුම තොරතුරු ළඟම පොලීසියට හෝ 119 දුරකථන අංකයට දන්වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අවිගත් පුද්ගලයන් සහ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ස්ථාන මට්ටමින් මෙහෙයුම් ක්‍රියාත්මක බවත්, එම මෙහෙයුම් සිදුකිරීම සඳහා මහජනතාවගේ සහාය අවශ්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.