රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳව විභාග කිරීම සදහා විමර්ශන කණ්ඩායමක් මැයි මස මුලදී යුක්රේනයට යැවීමට නියමිතය.
යුක්රේන කැරළිකරුවන්ට අවි සැපයීම පිළිබඳව උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබේ.
විදේශ කටයුතූ අමාත්‍ය මංගල සමරවීර මහතා නව දීල්ලි හි පදනම් යුක්රේන තානාපති ඕලෙක්සන්ඩර් ශේව්චේන්කො මහතා කොළඹ පෙරේදා (21දා) මුණගැසුන අතර එහිදී ඉහත තීරණය ගෙන තිබේ.