වලංගු මගී ප්‍රවාහන අවසර පත්‍රයක් නොමැතිව බස්රථ ධාවනයේ යොදවන්නන්ට පනවන උපරිම දඩය රුපියල් 200,000 දක්වා ඉහළ දැමීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවතීරණය කර තිබේ.
වලංගු මගී ප්‍රවාහන අවසර පත්‍රයක් නොමැතිව ධාවනයේ යෙදෙන බස්රථ සඳහා දැනට අයකෙරෙන්නේ රුපියල් 10,000 ක දඩමුදලක් වන අතර, දිවයිනේ අන්තර් පළාත් මාර්ගවල ධාවනය වන බස්රථ රැසකට වලංගු මගී ප්‍රවාහන අවසර පත්‍රයක් නොමැතිබව වාර්තා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ගුණාත්මක මගී සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකරන අතර, ඒ අනුව 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 40(ඉ) වැනි වගන්තිය සංශෝධනය සඳහා කැබිනට් අනුමැතියද හිමිවී තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.