ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් කරනු ලබන පරික්ෂණ සඳහා විදේශිකයන්ට එක්විය හැකිවුවත් අවසන් තීන්දු දෙන්නේ දේශීය අධිකරණයෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඉන්දියාවේ ගුරුවායුර්හි ශ්‍රී ක්රිෂ්ණ දේවාලයේ අගාමික වතාවත් සඳහා ඊයේ එක්වීමෙන් පසුව ඉන්දීය මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
කරනු ලබන පරීක්ෂණ සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ඇමෙරිකාව හා මානව හිමිකම් සංවිධාන සඳහා එම පරීක්ෂණයට එක්විය හැකි බව ඔහු සඳහන් කළේය.
සාමාන්‍ය ජනතාවගේ මරණ සඳහා වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයද නැත්හොත් ආරක්ෂක අංශද යන්න සොයාගත යුතු බවත් ඔහු පැවැසීය.