දඹුල්ල පැල් වෙහෙර ප්රදේශයේදී අද (26දා) දින අලුයම 2.30ට පමණ වෑන් රථයක් මාර්ගයේ නවතා තිබු ලොරි රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 14දෙනක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
තුවාල කරුවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය කට බරපතල බැවින් ඔවුන් මහනුවර රෝහලට මාරු කර යවන බව රෝහල් ප්රකාශකයකු පැවසිය. වෑන් රථයේ පිරිස හා මියගිය අය මඩාටුගම හැවන්තන්නගම පදිංචි කරුවෝ වෙති .
පොලොන්නරුව ප්රදේශයේ අවමගුල් ගෙදරකට ගොස් නැවත පැමිණෙන අතරදී අනතුර සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි .
වෑන් රථයේ රියදුරුට නින්දයාම නිසා අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි .