පොලීසියට වගකීම් සහගතව කටයුතු කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19දා) පොලීසියට අවවාද කරනු ලැබීය.පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශ්වවිද්‍යාල සිසුන් 9දෙනෙක් ඇප මත නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම අදහස් පොලීසියට පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අවම බලය පාවිචිචිකිරීම යනු ඇස් එළියට පනිනාකාරයෙන් පහරදීම නොවන බවයි.
සරසවි සිසුන් එක් අයෙක්ට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබීය. උසාවියට සිසුන් 9 දෙනෙක් ඉදිරිපත්විය. තවත් සිසුන් සිවුදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ව බැලීමට මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට යාමට නියමිතය.එහිදී එම සිසුන්ට ඇප ලබා දීමට නියමිතය.