අවධානය දිනූ නඩුවල අලුත් තොරතුරු
එක්නැළිගොඩ නඩුවේ දෙන්නෙක් යළි රිමාන්ඩ්
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගෙඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් පළමු හා තුන්වැනි සැකකරුවන් යළි රිමාන්ඩ් කිරීමට අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සැකකරුවන්ට ඇප නොදෙන ලෙසට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
DIG අනුර යළි රිමාන්ඩ්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා යළි සැප්තැම්බර් මස 07 දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
වෙලේ සුදාගේ නඩුවක් කල් තැබෙයි
හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහි නඩුව නැවතත් නොවැම්බර් 23 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය. නඩුව විභාග කරන මනිලාල් වෛද්‍යතිලක මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩුව මෙසේ කල් දැමිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

