ඉඩම් හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අවධානම් කලාප බවට තීරණය කළ ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ප්‍රදේශවල ඉඩම් ලබා දෙන්නට රජය පියවර ගෙන ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (05දා) පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදීය.
මීට අමතරව ජීවිත්ක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් කලින් ලබා දුන් රුපියල් 15,00 වෙනුවට එය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කර ඇති බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.