යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් වන්නියේ ස්ථිර ලෙස පදිංචි නොවූ අවතැන් ඡන්ද දායකයින් දසදහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පුත්තලම සහ අනුරාධපුර ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 24ක් පිහිටුවා ඇතැයි වන්නි දිස්ත්‍රිකක්යේ මැතිවරණ තේරීම්භාර නිලධාරී සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර වවුනියාව දිසාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මන්නාරම සහ මුලතිවු පළාත්වලින් අවතැන් වූවන් වෙනුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 22 ක් පිහිටුවා ඇති අතර ඒවයෙහි ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 8783 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවත්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් අවතැන් වූ ඡන්දදායකයින් 775 ක් වෙනුවෙන් අනුරාධපුරයෙහි ඡන්ද මධ්‍යස්ථාන 02 ක් පිහිටුවා ඇති බවත් තේරීම්භාර නිලධාරිවරයා කියා සිටියේය.