අවතැන්වූ පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදුන් දෛනික දීමනා රුපියල් 150 සිට 225 දක්වා වැඩි කිරීමට අදාළ තීරණය අද (17දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නීතිගත කිරීමට සැලසුම් කර තිබේ.
කැබිනට් මණ්ඩල අනුමැති ලැබූ පසු අවතැන් කඳවුරුවල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම පහසුකම සැලසීම වෙනුවෙන් රුපියල් 225 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව මෙම දීමනාව ඉහළ දැමීමට නියමිතය.