අවතැන් ජනතාව වෙනුවෙන් නිවාස 65,000ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා රජයේ අවධාය යොමුව ඇතැයි ද හින්දු පුවත්සේවය කියයි.
ප්‍රමුඛතා පදනමක් යටතේ මෙම නිවාස ඉදිකිරීමට නියමිත අතර ඉන්දීය රජය විසින්ද ශ්‍රී ලංකාවේ නිවාස 45,000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නිවාස 45,000 ඉදිරි වසරෙ මුලදී ඉදිකර අවසන් කිරීමට නියමිතය.
උතුරේ සමස්ථ නිවාස අවශ්‍යතාව 137, 529කි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පසුගියදා නිව්යෝක් නුවරදී සිදු වූ හමුවේදී මෙම අදහස් හුවමාරු වී තිබෙන බව හින්දු පුවත් සේවය සඳහන් කළේය.