අයහපත් කාලගුණ තත්ත්වය ෙහ්තුෙවන් ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටි පිරිස පවුල් 7004ක පුද්ගලයන් 24,820ක් දක්වා අඩු වී තිබේ.
මියගිය ප්‍රමාණය 212 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, පුද්ගලයන් 79 දෙනෙකු තවමත් අතුරුදන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
නිවාස 15000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබෙන අතර, එම නිවාසවලින් 2378 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
පොදුවේ ගාල්ල, කෑගල්ල, මාතලේ, මහනුවර, මාතර, හම්බන්තොට, ගාල්ල, කොළඹ, කළුතර, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 184,225කට අයත් පුද්ගලයන් 717,493 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි වන අතර, එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 87 දෙනෙකු මියගොස් තිබේ. මීට අමතරව පුද්ගලයන් 96 දෙනෙකු තුවාල ලබා 14 දෙනෙක් අතුරුදන්ව සිටිති.
කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් තිබෙන අතර 20 දෙනෙකු තුවාල ලබා 50 දෙනෙකු අතුරුදහන්ව සිටියි.
මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් එක් පුද්ලයෙකු තුවාල ලබා 15 දෙනෙකු අතුරුදහන්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්වී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් මරණ හතර බැගින් වාර්තාවන අතර හම්බන්තොට දිසත්රික්කයෙන් මරණ 05ක් හා නුවර දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී ඇත.