භික්ෂුන් වහන්සේට අලුතින් නීති පැනවීමට ආණ්ඩුවට අවශ්‍ය නොමැති බවත්, 'ථෙරවාදී භික්ෂු කතිකාවත්' පනත් කෙටුම්පත මගින් සිදුකරන්නේ භික්ෂු කතිකාවත්වලට නීතිමය බලය ලබාදීම බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
අද (14) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. ආණ්ඩුව කිසිවිටෙකත් සංඝයා වහන්සේ උදෙසා නීති පැනවීමට නොයන බවත්, 'ථෙරවාදී භික්ෂු කතිකාවත්' පනත සැකසීම සඳහා ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ද උපදෙස් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.